වෙරෝණා නුවරටත් වෙසක්.
ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරන සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස ලබන ඉරිදා තෙක් පැවැත්වේ.
සාම ජාතක කතා පුවත රැගත් අඩි 16 ක් උස වෙසක් තොරණ, අනුරාධපුර ථූපාරාම අනුරුව, විදුලි පහන් කූඩු ආදිය දැක බලා ගැනීම සඳහා විහාරාධිපති හිමියන්ගේ හා දායක සභාවේ ආරාධනයෙන් වෙරෝනා දිස්ත‍්‍රික් රදගුරුතුමෝද පැමිණියහ.
තුන් දහසකට ආසන්න පිරිසක් බත් දන්සලට පැමිණ සිටියහ. වෙරෝනා වීචෙන්සා, මාන්තෝවා නගරයන්හි තරුණ පිරිස් මෙම නිර්මාණ ඉදිරිපත් කළහ.
චමින්ද මඩවල පාදුවා නගරයේ සිට