වෙසක් සඳ රෝම නුවරටත් පායයි.
රෝම බෞද්ධ විහාරය වසරක් පාසා පවත්වන වෙසක් උළෙල මෙවරත් ශ්‍රී ලාංකික හා විදේශික බැතිමතුන් විශාල පිරිසකගේ සහාභාගිතවයෙන් පසුගිය 06 වන ඉරුදින දවස පුරා රෝම බෞද්ධ විහාරභුමියේදි පැවත්විණ. විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන්නට යෙදුනු වෙසක් පිංකම වෙනුවෙන් බණ භාවනා, දම් දෙසුම්, සල්පිල, භක්ති ගීත, මහා බත් දන්සැල වැනි කටයුතු දවස පුරාවට පැවතිණ. රෝමයේ ලාංකික තරණයන්ගේ එකමුතුවෙන් අලංකාර වෙසක් කුඩුවක්ද නිර්මාණය කර තිබිණි.
වෙසක් උළෙල නිමිත්තෙන් පවත්වන්නට යෙදුන පිංකම් හේතුවෙන් රෝම බෞද්ධ විහාරස්ථානයද, වෙසක් දින ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක අසිරිය කියා පැවේය.
අජිත් හෙට්ටිආරච්චි